2025 ජුලි 26 වන සෙනසුරාදා

බූරුවොත් දන්න වැඩක්

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 830

පුත්තලම පැත්ත ප්‍රසිද්ධ වුණේ එක්තරා සත්ව විශේෂයකට වුණත් මොන ආණ්ඩුව තිබුණත් තක්කඩි වැඩ කරන දේශපාලනඥයන්ද ඒ පළාතේ හිඟ වුණේ නෑ.

ගිය ආණ්ඩු කාලේ පුත්තලමේ තියෙන එක්තරා ලොකුම කර්මාන්ත ශාලාවක අබලි ද්‍රව්‍ය බිස්නස් එක කළේ පළාතේ හිටපු මන්ත්‍රීතුමෙක්ගෙ අනුග්‍රහයෙන්. අබලි ද්‍රව්‍ය කිව්වට වානේ සිමෙන්ති වගේ වැදගත් වටිනා කියන දේවල් තමයි මේ බිස්නස් එකේදි විකිණුනේ. නිකන් ඉඳල මාසෙකට රුපියල් ලක්ෂ ගණනක ආදායමක් ලැබෙන මේ ව්‍යාපාරය ගැන ආරංචි වුණු ආණ්ඩුවේ එක්තරා ලොක්කෙක් මේ ව්‍යාපාරය අත්පත් කරගන්න පොඩි වැඩක් කළා. ඉස්සෙල්ලම කලින් මේක කරපු අයගේ ටෙන්ඩරය අවලංගු කෙරෙව්වා. ඊළඟට මේ ආණ්ඩුවෙ ඔය කියන ලොක්කගේ හිතවතකුට ටෙන්ඩරය ලැබෙන්න සැලැස්වුවලු‍. දැන් ගජරාමෙට වැඩේ කෙරෙනව කියලයි පළාතේ උදවිය නම් කියන්නේ. මේ ආණ්ඩුවේ බිස්නස් වැඩ ගැන ප්‍රසිද්ධ දේශපාලන ලොක්කකුට මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවයි කියලා පුත්තලමේ ඉන්න බූරුවන් පවා දන්නවලු‍.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00