2025 ජුලි 19 වන සෙනසුරාදා

සද්දෙ දරාගන්න අමාරුලු

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 471

රටේ ලොකු තැන බලයට ගෙන්න වැඩ කරපු පිරිසිදු චරිතවලට ආණ්ඩුවේ පිරිසිදු වැඩසටහනේ ඉඩක් දුන්නේ කලගුණ සලකන්නලු‍. තවත් කට්ටියක් දැම්මලු‍ වෙන වෙන අමාත්‍යංශවලට. දැන් ආණ්ඩුව අරන් මාස නවයක් යද්දි හිටිය අය කලකිරීමෙන් අයින් වෙනවලු‍. පිරිසිදු වැඩසටහනේ භාගයක් ගෙදර ගිහින්ලු‍. සභාපති පට්ටම් ගත්ත අය කියන්නෙත් නැතුව ගිහින්ලු.

මේ ගැන ලොකු තැන හරිම වේදනාවෙන්ලු‍ ඉන්නේ. එයා හැබැයි ඒ අයගෙන් අහලත් නෑලු‍. කොහොම වුණත් ගිය අය කතා කරන්නෙත් නෑලු‍. හැබැයි ලොකු තැනට පස්සේ ආරංචියක් ආවලු‍ පරණ සැට් එක මේ අයට සීනුව උස්සලා හොලවලා කියලා. සීනුවේ සද්දේ දරාගන්න බැරිවයි අයින් වුණේ කියලා පස්සේ දන්නේ. කොහොම වුණත් මේ ගැන ලොක්කා සමහර අය එක්කත් කියලලු‍.