අපිට ආණ්ඩුවෙන් නිල නිවාස එපා කියලා ලොකුවට අඬබෙර ගහලා නිවාස අත්හැරපු ආණ්ඩුවේ මැති ඇමැති සයිස් මහත්වරු දහ දොළොස් දෙනෙක් බම්බලපිටිය කිට්ටුව තියෙන ආණ්ඩුවේ සුපිරි නිවාස සංකීර්ණයකින් තමන්ගේ පදිංචියට නිවාස වෙන් කරගෙන වැඩවාසය කරන බවයි ආරංචි.
මීට කලින් මේ නිවාස සංකීර්ණය තිබුණේ ආණ්ඩුවේ ඉහළම පෙළේ නිලධාරීන්ගේ නවාතැනක් හැටියටයි. ඉඳලා හිටලා ඒකේ සමහර නිවාස නොතිබුණු කනිෂ්ඨ ඇමැතිවරුත් නවාතැන් ගත්තා කියලා සමහරු කියනවා.
කොහොම නමුත් රුපියල් ලක්ෂයක විතර මාසික කුලියක් ගන්න ඕන නිවාසයක් උන්නැහැලට දීල තියෙන්නේ බොහොම අඩු මුදලකට කියලත් ආරංචියි. ඔන්න ඔහොම තමයි කියනකොට එකක් කරනකොට වෙන එකක්ලු එයාල කරන්නේ.