2025 ජුලි 12 වන සෙනසුරාදා

විකල්පයක් හොයනවාලු‍!

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 811

එක්තරා ප්‍රධාන දේශපාලන පක්ෂයක නායක මට්ටමේ ඉන්න කෙනෙක් ගැන පක්ෂයේ පහළ ඉන්න පොඩ්ඩෝ දැඩි කලකිරීමෙන් කතා කරන්න පටන් අරන්ලු‍.

බස්නාහිර පළාතේ ප්‍රධානම දිස්ත්‍රික්කයක ලොකු නගර සභාවක බලය ගන්න තිබුණු අවස්ථාව නැතිවුණේ මෙයා සුදුසු තීන්දු නියම වෙලාවට නොගත් නිසා කියලා සමහරු කියනවා. මේ බල අරගලය සම්බන්ධව ආරවුලක පැටළුණු මන්ත්‍රීවරු දෙන්නෙක්ගෙ ප්‍රශ්නය නියම වෙලාවට විසඳුවා නම් මේ බලය ගන්න තිබුණු බවයි ඔය පක්ෂයේ හුඟ දෙනෙක් කියන්නේ.

තීන්දු නොගැනීම වගේම ගන්න තීන්දු වෙනස් කරන්න බාහිර බලවේගවලට ඉඩ දීම නිසා මේ පක්ෂය අවුල් වෙලා කියලා තවත් අය කියනවා. තවදුරටත් මේ විදිහට ගියොත් ගමන අමාරු වන නිසා අලු‍ත් කෙනෙක් මේ තැනට ගේන්න ඕන කියලත් සමහරු මුල් වරට කතා කරන්න පටන් අරන්. පක්ෂයේ ලොකු ලියන මහත්තයාත් මෙතනදී ඉන්නෙ මධ්‍යස්ථ තැනකලු‍. කොහොම නමුත් විකල්පය හැටියට පක්ෂයේ ඉන්න එක්තරා දැනඋගත් කෙනෙක්ගේ නම කියැවෙන්න පටන් අරන් කියලත් ආරංචියක් පැතිරෙනවා.