2025 ජුනි 21 වන සෙනසුරාදා

එයා බඳින්නලු‍ යන්නේ

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 427

දියවන්නා කවුන්සිලේ ඉන්න තරුණ චතුර කථිකයෙක් වන මුන්නැහේ ආණ්ඩුවේ ජූනියර් ඇමැතිකමක් දරන කෙනෙක්ලු‍.

මෙයාගේ පවුලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කෙනකුත් ඔය කවුන්සිලේම ඉන්නවා කියලයි ආරංචි.

ඉතින් කොහොම හරි උන්නැහේ දෙවැනි පාරටත් විවාහයක් සඳහා සෙට් වෙනවයි කියලා තමයි ආරංචිය තියෙන්නෙ. මෙයාගේ අත ගන්න මනාලියත් දේශපාලන ලෝකයේ මෑතක ඉඳන් බැබලෙන්න ගත්ත තරුවක් කියලයි තතු දත් අය කියන්නෙ. එයත් කලින් විවාහයකින් සමුගන්නා කෙනෙක්ලු‍.

දෙන්නම කොළඹ දිසාවෙ කියලයි කියැවෙන්නෙ. මේ නෝනා මහත්තයට ළඟදිත් ලොකු තනතුරක් ලැබුණලු‍.

කොහොම නමුත් මේ දෙන්නගේ විවාහය බොහොම පෞද්ගලික මට්ටමින් කෙරෙන්න යන බවයි දියවන්නා කවුන්සිලය පැත්තෙ කතා වෙන්නෙ.