2025 ජුනි 14 වන සෙනසුරාදා

ඉල්ලු‍වට දෙන්නේ නැතිලු‍!

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 843

ආණ්ඩු ගණනාවක ඉහළ තනතුරු දරාපු රටේ නිදහසට ලොකු වැඩක් කරපු එක්තරා දේශපාලන නායකයෙක් ඉන්නවා. උන්නැහේ වාර ගණනාවක් මහ පුටු සටනටත් ඉදිරිපත් වුණු පොරක්. ඒත් කවදාවත් දිනන්න ලැබුණේ නෑ.

හැම ආණ්ඩුවකටම උදව් කරලා එයා ඉල්ලන්නේ එකම තනතුරක්ලු‍. ඒක ආරක්ෂාවට සම්බන්ධ එකක් නිසා කිසිම ආණ්ඩුවක් උන්නැහේට මේක පවරන්න උනන්දු වුණේ නැහැ කියලයි කියැවෙන්නෙ. පහුගිය දවසක තිබුණු රණවිරු උත්සවයෙ මුල පේළියක අසුන්ගෙන හිටපු මුන්නැහේ තමුන් අසල අසුන්ගෙන හිටපු රටේ ඉහළම තනතුරක් දරන කෙනකුට කිට්ටුවෙලා ජාතික ආරක්ෂාව ගැන උපදෙස් දෙන අතරෙ තමුන්ට ඉටු කරන්න වගකීමක් ලැබෙනවා නම් ඒක සතුටින් බාරගන්න බවත් කිව්වලු‍.

කතාව අහන් හිටපු ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් හොබවන කෙනත් මෙයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නැතිව ඒක සටහන් කරගන්න කියලා තමන්ගේ ලියන මහත්තයකුට කිව්වලු‍. නමුත් වැඩේ දැන් ටික ටික ප්‍රමාද වෙන්න ගත්තම ඉල්ලීම කළ කෙනාට මල පැනගෙනලු‍ එන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00