2025 මැයි 31 වන සෙනසුරාදා

එයා ගිහිල්ල නෑ!

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 549

පහුගිය දවස්වල ලංකාවේ නිළි රැජිනගේ අභාවය ගැන රටම ලොකු ශෝකයකින් හිටපු බව රහසක් නෙමෙයි.

ඇයගේ අවමංගල්‍යයට ලංකාවේ හිටපු හැම දේශපාලන පක්ෂයකටම අයත් ප්‍රභූවරුත් රටේ ලොකු මහත්තයාගේ ඉඳලා දේශපාලන නායකවරුන් හැමදෙනාමත් පැමිණිලා ශෝකය සටහන් කරලා ගියා.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු සියලු‍ දෙනාම වගේ අවමංගල්‍යයට සහභාගි වුණත් ආණ්ඩුවේ එක්තරා ජ්‍යෙෂ්ඨම ලොකු මහත්තයෙක් මේ අවස්ථාවට සහභාගිවෙලා හිටියෙ නැහැ කියලයි දන්න කියන උදවිය කියන්නේ...
උන්නැහේ ආවෙ නැත්තෙ මොකද කියලා කවුරුවත් දන්නෙ නෑ. මේ වගේම මාධ්‍යයට සම්බන්ධ රාජ්‍ය අවමංගල්‍ය කටයුත්තකදී එතුමාට පැවරෙන නිල වගකීම වෙනත් ඇමැතිවරයකුට පවරලා තිබුණු බවත් පේන්න තිබුණා.
මේ ගැන හැමෝම කතා වුණත් වැඩිය සද්ද බද්ද කළේ නැත්තේ හැමෝටම උන්නැහේ ආවෙ නැති හේතුව හිතට දැනිලා තිබුණු නිසා වෙන්න ඇති කියලා එතන හිටපු අය කුටු කුටු ගානවා නම් ඇහුණා.

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00