2025 මැයි 17 වන සෙනසුරාදා

අවුල ලිහන්න මීටිමක්!

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 555

ආණ්ඩුවේ කස්ටිය එළියෙ මොනවා කිව්වත් ලැබුණු පුංචි ඡන්දෙ ප්‍රතිඵලය නිසා සෑහෙන අවුලකලු‍ ඉන්නෙ.
අන්තිමේදී මේ ගැන කතා කරන්න මීටිමක් ලෑස්ති කළා. හැබැයි නිවාඩු කාලෙ සමහර ලොක්කෝ කොළඹ හිටපු නැති නිසා මේ මීටිම Zoom එකෙන්ලු‍ කළේ.

ආණ්ඩුවේ ඉහළම තැන මෙතැනදී ඡන්දෙ කාලෙ කට වරද්දගෙන ආණ්ඩුවෙ ලකුණු කපාපු අයට දෙහි කැපුව බවයි ආරංචි. ඒ අතරේ ජවිපෙ සහ මාලිමාව අතර තියෙන මත ගැටුමත් එළියට ඇවිල්ලා කියලා තතු දත් අය කියනවා. එතෙන්දි දෙපාර්ශ්වය අතර උණුසුම් මතවාද හුවමාරු වුණු බවත් කියැවෙනවා. විශේෂයෙන් කොළඹ බලය පිහිටුවීම සම්බන්ධ වගකීම කලක් එතැන හිටපු ආණ්ඩුවේ උප ඇමැති කෙනකුට පැවරූ බවත් ආරංචියි.

කොහොම නමුත් ඉතා සුහදව පටන් ගත්ත රැස්වීම ඉවර වෙනකොට කෙරුණු විවේචන නිසා කාගෙ කාගේත් මුහුණු කළු වෙලා තිබුණු බවයි එතැන හිටපු අය වැඩිදුරටත් කිව්වේ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00