2017 ජුලි 01 වන සෙනසුරාදා

බොරු කතා සහ හරි කතා

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 366

ආණ්ඩු පක්ෂයෙ පුටු පාටියෙ ලොකු ලොක්කන්ගෙ රැස්වීමක්... ඒක තිබුණෙ මහ ලේකම් පට්ටමක් දරණ දකුණෙ නායකයකුගෙ ගෙදරලු...

මෙතන රැස්වෙලා හිටපු අය කතා කළේ ළඟදි එනවය කියන පුංචි ඡන්දය ගැන. මේ ගැන කතාව කරගෙන යද්දි ඡන්දෙ දිනිල්ල නම් ලේසි නැහැ කියල සමහරු කියන්න ගත්තලු... ඡන්දෙ දිනන්න අත පාටියෙ වෙනම ඉන්න හිටපු ලොකු තැනගෙ සහයෝගය තියෙන්නෙම ඕන කියලයි සමහරු කියල තියෙන්නෙ. මේ මතය තදටම ගෙනැල්ල තියෙන්නෙ පසුගිය කාලෙ හිටපු ලොකු තැන තදින්ම විවේචනේ කරපු රාජ්‍ය ඇමැති මට්ටමේ ඉන්න ඌව පළාතෙ කටකාර පෙරේර කෙනෙක් කියල ආරංචියි.

පිරිසක් මේ විදියට හිටපු ලොකු තැන ගැන කතා කරනකොට රුස්වීම සංවිධානෙ කළ ලේකම් සයිස් මහත්තය ඒක පිළිගන්නෙ නැතුව හිටපු ලොකු තැනගෙ කස්ටිය අලි පාටිය එක්ක ඩීල් එකක් දාලලු. ඒ හින්ද එයා අරන් මේක හරියන්නෙ නැහැ කියල ලොකු තර්කයක් ගෙනල්ලා... 

ඊළඟට ඒ ගැන බරපතළ උණුසුම් විවාදයක් ඇතිවුණා. අන්තිමේදි ඌවෙන් ආපු රාජ්‍ය ඇමැති තැන සද්දෙට මෙහෙම කිව්වලු. ඔය බොරු කතා ගොතල ඡන්දෙ දිනන්න බැහැ.. අපි යථාර්ථයට මුහුණ දෙමු. නැත්නම් නිකම් ඉඳිමු... එහෙම කිව්ව රාජ්‍ය ඇමැති මට වෙන කියන්න දෙයක් නැහැ කියලා කතාව නතර කළා කියලා ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00