2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

මාරුවට සැරසෙනවලු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 508

පහුගිය අයවැය ලැයිස්තු දවසේ සවසක අත පාටියේ ලොක්කෝ ටිකකුයි, පොහොට්ටුවේ පාටියේ ලොක්කෝ ටිකකුයි, සිලින්ඩරයයි එකතු වෙලා අලු‍ත් සන්ධානයක් ගැන කතාබහ කරමින්ලු‍ හිටියෙ. එහෙම කතා කර කර ඉන්නකොට කඩාපාත් වුණාලු‍ ඌව පැත්තේ සම්පතක් වගේ ඉන්න කට තියෙන හාදයා. එයා ආවේ මැතිසබේ ඉඳලලු‍.

ආපු ගමන් කට්ටිය විස්තර එහෙම අහන්න ගත්තම මෙයා කිව්වලු‍ ළඟදීම ආණ්ඩුවට අත පාටියෙනුයි, සිලින්ඩර් පාටියෙනුයි දෙන්නෙක් රටේ ලොකු තැන එක්ක ඒ පක්ෂයට යනවා කියලා. කවුද ඒ දෙන්නා කියලා ඇහුවම කිව්වලු‍, එක්කෙනෙක් කරුණාවට බර ගෑස් ටැංකියේ කෙනා කිව්වලු‍. අනික් කෙනා තාත්තත් නඩු කියපු පුතත් නඩු කියන කෙනෙක් කියලා. මේ දෙන්නම කොළඹ ඉන්නෙ කිව්වලු‍. හැබැයි ඒ කොළඹ දෙන්නා දැන් වැඩියෙන්ම ඉන්නෙ සභානායකතුමා එක්කමයි කිව්වලු‍. ඒ නිසා ළඟදීම මේ දෙන්නා දිසාව හොයාගෙන පාර මාරුවෙයි කියලා මහ හයියෙන් හිනාවෙලා කිව්වලු‍.