2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ඒව කාගෙද?

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 431

කස්ටම් එකෙන් බලන්නෙ නැතුව එළියට දාපු කන්ටේනර් සිය ගණනක් ගැන ලොකු කතාවක් දැන් යනව.

ඉතින් පසුගිය දවසක මේ ගැන විපක්ෂය පැත්තෙ කන්තෝරුවක මන්ත්‍රීවරු කස්ටියක් කතාබහ කරමින් හිටියලු.

එතෙන්දි කියැවුණේ මේ පරීක්ෂාවකින් තොරව එළියට දාපු කන්ටේනර් තුන්සිය ගණනින් වැඩි ගණනක් රටේ විශේෂයෙන්ම වැදගත් වන පළාතක බලවත් පට්ටමක් දරන එක්තරා ලොකු ව්‍යාපාරික භවතකුට අයිති ඒවය කියලයි. මුන්නැහේ ආණ්ඩුවෙ ප්‍රචාරක වැඩවලට විතරක් නෙවෙයි නගර අලංකාර වැඩවලටත් තමන්ගෙ පෞද්ගලික මුදල් වියදම් කරල තිබෙන බව පසුගිය දවසක දියවන්නා කවුන්සිලේදිත් නම කියැවුණාලු. කොහොම නමුත් යහපාලනය ගැන කතා කරමින් මේ වගේ වැඩ සිද්ධ කිරීම නම් ඒ තරම් හොඳ නැහැ කියල කස්ටම් එකේ වෘත්තීය සංගම් කස්ටිය ඝෝෂා කරන්න පටන් අරන්ලු.

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00