2025 ජනවාරි 25 වන සෙනසුරාදා

රටින් ආ ඇමතුම

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 482

මේ දවස්වල විදේශගත වී සිටින පොහොට්ටුවෙ නිර්මාතෘගෙන් විපක්ෂයෙ පක්ෂ ගණනාවක නායකයන්ට විශේෂ දුරකතන ඇමතුම් ගණනක් ලැබුණලු...

වත්මන් ආණ්ඩුවෙ ක්‍රියා කලාපය නිසා විපක්ෂය අලුතින් සන්ධානගත වී පොදු විපක්ෂයක් ලෙස ගතයුතු ක්‍රියා කලාපය සම්බන්ධව විශේෂ කාරණා ගණනාවක් ගැන උන්නැහේ මේ පක්ෂ නායකයො එක්ක කතාබස් කළ බවයි ආරංචි...

ඒ අනුව ඉදිරියේදී නව පොදු විපක්ෂ සන්ධානයක් නිර්මාණය කළ යුතු බවට ලොකු සාකච්ඡාවක් තිරය පිටුපස ඇතිවෙන්නලු යන්නෙ... විශේෂයෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩුකිරීමේ ප්‍රශ්නයත්, නිල නිවාස ප්‍රශ්නයත් මුල් කරගෙන ඇතිවන දේශපාලන සන්ධානය ලොකු හවුලක් බවට පත් කරගන්න ඕන බවයි මුන්නැහේගේ අදහස තිබෙන්නෙ. ඒ අනුව එයා ඇමෙරිකාවෙ ඉඳන් ඊට අදාළ පිඹුරුපත සකස් කරන බව පක්ෂ නායකයන්ට දැන්නුවලු.