පොලිසියේ ඉහළ පෙළේ ලොකු ලොක්කො ටිකක් සිද්ධවෙන වැඩ ගැන කලකිරීමෙන්ලු ඉන්නෙ. ඒකට හේතුව පහුගිය කාලවල එහෙන් මෙහෙන් කැපිලි කෙටිලිවලට මුල්වෙච්ච අය යම් යම් උපදේශන වැඩවලට අරගෙන තිබීමලු. මෙන්න මේ අය පරණ ඇරියස් කවර් කරනවා කියලයි කියන්නෙ.
කන්තෝරුව භාරව ඉන්න ලොක්කටත් වඩා උඩින් ඉන්න ලොක්කකුයි, තව ඇතුළේ ඉන්න කෙනකුයි උපදේශක කීප දෙනකුයි හිතුමතේ ලිස්ට් හදලා සමහර අය මාරු කරන්න පටන් අරන්ලු. මේ අය නම් ඒ වැඩේ දෙනවලු තිතට. සමහර අමාත්‍යංශවල මුළුවල ඔය ලොක්කො එකතු වෙලා මාරුවීම් ගහපුව ගැනත් දැන් දැන් ආරංචි වෙලාලු. ඒ නිසා කාකිසූට් අංසෙ සමහර ලොක්කො ඉන්නෙ ඉතාම දුකෙන්ලු.