2025 ජනවාරි 11 වන සෙනසුරාදා

වඳින්න ගිය දේවාලෙ හිස මතට

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 663

පසුගිය දවසක පොලිසියට ආන්දෝලනාත්මක පැමිණිල්ලක් කරපු මන්ත්‍රී බිරිඳකට තමන්ට ලැබිල තිබුණ ආයතන අධ්‍යක්ෂ පදවියෙන් ඉවත් වෙන්න කියල දේශපාලනේ ඉහළම තැනකින් නියෝග ලැබිලලු...

ඒ අනුව අදාළ නීතිඥ මන්ත්‍රී බිරිඳ ඒ තනතුරින් ඉවත් වෙන්න යන බව ආරංචියි. ආණ්ඩුව අපහසුතාවට පත්වන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නිසා තමයිලු ඇයට මේ දේ වුණේ.

හැබැයි අපට ආරංචි විදියට එයාගෙ වාහනේ සිය සැමියා වෙනත් කාන්තාවක් සමඟ පරිහරණය කරන බවට වූ පැමිණිල්ල එතුමිය මුලින්ම තමන්ගෙ දේශපාලන පක්ෂයෙ ඉහළම බලවතකුට පුද්ගලිකව කිව්වලු. ඒත් “ඕව පුද්ගලික ප්‍රශ්න. ඒවා අපට විසඳන්න අමාරුයි” කියල එතනින් උත්තර ලැබුණලු.

බැරිම තැන එයා පොලිසියට ගියේ. අන්තිමට එයාට වුණේ වාහනෙත් නැහැ රස්සාවත් නැහැ. පවුලත් නැතිවුණු එකලු.