2025 ජනවාරි 04 වන සෙනසුරාදා

අලුත් වැඩක්

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 708

අලි පාටියෙ පිරිසක් එක්තරා ඉහළම දේශපාලකතුමෙක්ගෙ ගෙදරට රැස්වුණාලු. මෙයාල පක්ෂයෙ වත්මන් ගමන් මග ගැන කලකිරිල ඉන්න පිරිසක් බවත් ආරංචියි.

මෙතන යහපාලනේ දෙන්නෙක් විතර ඇවිත් හිටිය. සේරම අර හිටපු නායකයා වගේ කෙනාට කිව්වෙ “ඔබතුමාගෙ ප්‍රධානත්වයෙන් සන්ධානයක් හදන්න... එහෙම වුණොත් අලි පාටියෙ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් අයත් ටෙලිෆෝන් පාටියෙම හුඟ දෙනකුත් ගන්න පුළුවන්” කියලලු.

මේ කතාබහේදි දැනට පාටිය මෙහෙයවන දෙන්නකුට ලොකු විරෝධයක් මතුවුණු බවත් ආරංචියි. කොහොම හරි වැඩේ ඉස්සරහට ගෙනියන්න කස්ටිය තීන්දු කරලලු.