2025 ජනවාරි 04 වන සෙනසුරාදා

එහෙම බැහැ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 889

පසුගියදා එක්තරා සරසවි ඇදුරකුට පළාතක් පාලනය කරන මහ පුටුව හම්බවුණා. ඒ උන්නැහේ පොතේ හැටියටම වැඩ කරන කෙනෙක්ලු.

ඒ දිස්ත්‍රික්කෙ මහ දිසාපති තැන දවසක් මේ ආණ්ඩුකාර සයිස් ලොක්ක හමුවෙන්න ගියා. එයා ගියේ ලොකු හදිසි රාජකාරියක් සඳහා අනුමැතිය ගන්නලු. නමුත් ආණ්ඩුකාරතුමා මේ දිසාපතිතුමා හමුවෙන්න බැහැ කියල කිව්වලු. ඒකට හේතුව තමයි කලින් වෙලාවක් වෙන් කරගෙන නොපැමිණීම.

කලින් වෙලාවක් වෙන් කරගත්තෙ නැත්නම් මාව හමුවෙන්න බැහැ කියල මහ දිසාපතිතුමාට උන්නැහේ දැන්නුවම දිසාපතිතුමා ආපහු යන්න ගියාලු.

ඊට පසුව මේ කාරණාව හදිසි දෙයක් බව දන්වල වෙනත් උසස් නිලධාරීන් දෙන්නෙක් ඇරියලු. එයාලටත් ආණ්ඩුකාර තැන අර විදියටම සලකල එව්වලු. මෙන්න මෙහෙමලු උන්නැහේගෙ පාලනේ.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00