2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

අමුතු ගේමක්

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 845

අර මැතිසබේ පිස්සු නටපු උතුරු පළාතේ මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මැතිසබේ 224 ම විරුද්ධලු‍. මෙයාගේ හැසිරීම ඇතුළේ විතරක් නෙමේ එළියෙත් හොඳ නැති නිසා එන්න එන්න මෙයා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ටිකක් වැඩිලු‍. ඉතින් මෙයා සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා තැන තැන කසුකුසුලු‍.

කොහොම වුණත් ඊළඟ පාර එයා පිස්සු නැටුවොත් මෙයාට විරුද්ධව මන්ත්‍රීවරු ක්‍රියාමාර්ග ගන්න බවට කතා වෙලා තියෙනවා. මෙයාට විරුද්ධව කතා කරන්න එළි බහිනවා කියලා කියනවා. හැබැයි මේ වැඩේට කට්ටියක් නෑලු‍. ඒ අය නෑ කිව්වට ඒ අය තමයිලු‍ වැඩේ යටින් දෙන්නෙ. ඒ උතුරු පළාත් සන්ධානයක කට්ටියක්ලු‍. එයාලා හදන්නෙ මෙයාව ඉක්මනින් ගෙදර යවලා එයාලගේ තත්ත්වය රැකගන්නලු‍. ඒ නිසා වැඩේට උපදෙස් ඇති තරම් නොමිලෙලු‍.

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00