2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

මණ්ඩලේ කචල්

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 604

අලි පාටියේ ඉන්න දකුණු පළාතේ කාලයක් දේශපාලනය කරපු දෙන්නෙක් මේ ටිකේ ඉන්නෙ යකා වැහිලලු‍. ඒකට හේතුව කොළඹ ඉන්න කරුණාවට බර කෙනාගේ වැඩලු.

මොකද ජාතික ලැයිස්තු තනතුරු දෙකම එයාට ඕනෑ විදිහට සිද්ධ වෙච්ච නිසා මේ හාදයෝ දෙන්නටම යකා වැහිලලු‍ ඉන්නෙ. ඒ නිසා මේ දෙන්නා අපූරු ප්ලෑනක් ලෑස්ති කරනවලු‍. ඒ කරුණාවට බර කෙනාට විරුද්ධව ලොකු කැරැල්ලකට යන්නලු. ඒ කැරැල්ල කරුණාවට බර කෙනාව එළවන ප්ලෑනක්ලු‍. මේ එක්ක දැන් දැන් එයාලගේ මණ්ඩලයේ සාමාජිකයන්ට කතා කරලා කියනවලු‍ මේ වැඩේට එකතු වෙන්න කියලා. හැබැයි ඒ හැමෝම අනික් පැත්තට ඇමතුමක් දෙනවලු‍ කරුණාවට බර එක්කෙනාට “සර් අන්න අර දෙන්නා සර්ව එළවන්න අපිට කතා කරනවා”‍ කියලා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00