2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

තහංචියක්

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 971

ආණ්ඩුවෙන් කවුන්සිලේට ආපු අලුත් අයට මේ අත්දැකීම අලු‍ත් නිසා ඒ අය පුදුම සතුටින්ලු‍ ඉන්නෙ. හැමෝම ඉතින් ආසාවෙන් වැඩ කරගෙන යනවලු‍. මේ අතර ඒ අයට මාධ්‍යවලිනුත් ආරාධනා එහෙම ලැබෙනවා. සමහර අය පක්ෂයෙ උඩ අයට කියලා යනවලු‍, සමහර අය නොකියා යනවලු‍. කොහොම වුණත් දෙන්නෙක් තුන්දෙනෙක් කියන කතා අරහේ මෙහේ වයිරල් වෙලා ආණ්ඩුවට යම් අවාසිසහගත තත්ත්වයක් වෙලාලු තියෙන්නෙ. මෙන්න මේ නිසා ඉහළ දැනුවත්ව මිසක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන ආයේ තැන් තැන්වල පුරසාරම් දොඩවන්න එපා කියලා ආණ්ඩුවේ උඩින්ම නියෝග ඇවිල්ලා.

සමහර අය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හරි හැටි අවබෝධයකින් තොරව කරන ප්‍රකාශ ගැන ජනතාවට වැරදි අදහස් යන්න පුළුවන් නිසා මහ මගදී මයික් අල්ලපුවම දෙසාබාන්න එපා කියලත් කියලලු‍. ඒ නිසා දැන් වැඩේ පරිස්සමෙන්ලු‍ යන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00