2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

එයා නැතිලු

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 1204

ආණ්ඩුවෙ ඉහළ පෙළේ ප්‍රධානියකුගෙ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා ආණ්ඩුවෙ මැති ඇමැතිලගෙ ප්‍රගති සමලෝචන රැස්වීමක් තිබුණලු.

එතෙන්දි පසුගිය මාස දෙකේ ආණ්ඩුව කරපු වැඩ වගේම වැරදුණ තැන් ගැනත් කතා කරල සමහරුන්ට දොස් පරොස් කියල තියනවය කියලත් ආරංචියි.

ඒත් මේ රැස්වීමට ආණ්ඩුවෙ එක්තරා කැබිනට් සයිස් මහත්තයෙක් ආවෙ නැතිලු. ඒ ගැන හුඟ දෙනෙක් කසුකුසු ගෑව බවත් ආරංචියි. උන්නැහේ ආවෙ නැති හේතුව ප්‍රකාශ කරලත් නැතිලු. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවෙ ඔය වගේ දෙයක් වෙන්නෙ හරිම කලාතුරකින් නිසා හැමෝගෙම අවධානය මේ සිද්ධියට යොමුවුණා කියලත් ආරංචියි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00