2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

දුරදිග ගිය වලියක්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 2775

පහුගිය සතියේ මැදදී ගෑස් සිලින්ඩරයේ කට්ටිය හිටපු ලොකු තැනව හම්බවෙන්න ආවලු‍. ඒ රැස්වීමට ජාතික ලැයිස්තුව හොරාගත්ත කෙනත් ඇවිල්ලා හිටියලු‍. කොහොම හරි ඒ වෙලාවේ මේ දවස්වල ජාතික ලැයිස්තුවට මරාගන්න හාදයකුත් එතැන හිටියා. මෙයා අර ජාතික ලැයිස්තුවට කලින් නම යැව්ව කෙනාට ලොකුවට ගහන නිසා ගින්න එතැනදී පත්තු වුණාලු‍.

වැඩේ පත්තුවෙලා කතාව ගියේ පුටුව ගැන නෙමේලු‍. අර හාදයගේ නෝනලා හතර දෙනෙක් ගැනලු‍. අන්න ඒ නෝනලගෙන් සමහරුන්ට සලකන්නෙ නැතුව එයාලව බලාගත්තෙත් අර ජාතික ලැයිස්තු හාදයා කියලා එයාම කට්ටිය ඉස්සරහ කිව්වලු‍. ඒ නිසා තමන්ට අභියෝග කරන්න කලින් තමන්ගේ බිරින්ඳෑවරුන් රැකගන්න කියලා අර ජාතික ලැයිස්තු හාදයා කට්ටිය මැද්දෙ අරයගේ මූණටම කිව්වලු‍.