2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

පර්මිට් වාසනාව

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 568

පසුගිය ආණ්ඩුවෙ අවසාන කාලෙ බාර් පර්මිට් වැඩේ නැගලම ගියා... සමහර මැති ඇමැති ගොල්ල එක්කෙනාට ‘පර්මිට්’ තුන හතර ගත්තලු. ඒවයෙ ලැයිස්තු අලුත් ආණ්ඩුව අතේ දැන් තියෙනව.

ඒ විදියට පර්මිට් ගත්ත අය අතරෙ වයඹ පළාතෙ එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් කෙනෙක් හිටියලු. උන්නැහේටත් මේ පර්මිට් වාසනාව උදා වෙලා.

හැබැයි එයාගෙ නමට ඒක ගන්න බැරි නිසා වෙනත් කෙනකුගෙ නමක් ආණ්ඩුවෙ බලධාරින් ඉල්ලුව. එතකොට උන්නැහේ දීල තිබෙන්නෙ එයාගෙ පුත්‍රයගෙ නමලු... හැබැයි මේ පර්මිට් එක ලැබුණු පුතාට වයස අවුරුදු 20 ටත් අඩුයිලු.
සාමාන්‍යයෙන් බාර් පර්මිට් දෙන්නෙ වයස 21 ට වැඩි අයටයි. නමුත් තාත්තා ඇමැති නිසා අවුරුදු 20 ට අඩු පුතාටත් පර්මිට් එකක් ලැබිල... ඒකත් දැන් ආණ්ඩුව සොයාගෙනලු.