2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ලක් අම්මගෙ අවනඩුව

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 545

ලක් අම්මට අහවලා කරපු සවුත්තු වැඩේ ගැන පක්ෂයෙ ලොක්කො අතරෙ බරපතළ සාකච්ඡාවක් තිබුණලු.
එතෙන්දි කියැවුණේ දුරකතන පක්ෂයෙ ලොකු තැනයි ලොකු ලියන මහත්තයයි දෙන්නටම අහවලා බොරුවක් කියල රැවැට්ටුවය කියන කතාව තමයි.

“ඔය මනුස්සය නිසා තමයි ඒ පළාතෙ හිටපු ලොකු නෝනත් පක්ෂය දාල ගියේ...” එක ලොක්කෙක් මතක් කළා.
“මෙයා කරපු වැඩේ හරිම කැත වැඩක්. අපිවත් රවට්ටල මෙහෙම කරපු එකයි එයා කරපු ලොකුම වරද...” අනෙක් ලොකු තැන කිව්ව.

ඒ අනුව මේ වැඩේ ගැන ලක් අම්මා කළ පැමිණිල්ල ගැන විභාග කරල තීන්දුවක් ගන්න කොමිටියක් පත් කරන්නත් ඒකෙදි පක්ෂයෙ ලොකු තැනත් ලියන මහත්තයත් රවට්ටන්න කියාපු බොරුව ගැනත් ඒ අය කරුණු කියන්න තීන්දුවක් ගත්තලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00