2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

පුතාට කඩේ යන පියා

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 577

තමන්ගේ දේශපාලන උරුමයන් සියල්ල අහිමි කරගත්ත එක්තරා නායකයෙක් ඉන්නව. උන්නැහේ කලක් මේ රටේ ඉහළම පුටුවකත් වාඩිවෙලා හිටිය...

ඉතින් මේ පාර කිසිම ඡන්දයකට උන්නැහේ ඉදිරිපත් වෙන්නෙත් නැහැ... ඒ වුණත් උන්නැහේගෙ පුත්‍ර රත්නය ඡන්දෙ ඉල්ලනවලු. එයා ඡන්දෙ ඉල්ලන්නෙ තාත්තගෙ උරුමය තිබෙන පක්ෂයෙන් නම් නෙවෙයි. වෙනත් බලයක් ඇති පක්ෂයකින්. ඉතින් රටේ මහ පුටුවෙත් ඉඳපු තමන්ගෙ පුතා මේ පාර ඡන්දෙන් පැරදුණොත් එන ලැජ්ජාව නිසා තාත්තත් පුතා වෙනුවෙන් තමන්ගෙ ගම් පළාතෙ ගෙයින් ගෙට කැන්වසින් යන්න පටන් අරන් කියල තතු දත් අය කියනව...

එහෙම ගෙවල් ගාණෙ යන තාත්තටයි පුතාටයි පළාතෙ ජනතාවගෙන් හිතූ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නෙත් නැතිලු. සමහරු මේ හිටපු ලොකු තැනගෙ මුහුණටම දොස් පරොස් කියන්නත් පටන් අරන් නිසා එයාගෙ කැන්වසින් ව්‍යාපෘතියත් නවත්තන්නලු යන්නෙ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00