මහ පුටු සටනින් පස්සෙ අලි පාටියෙ ලොකු කස්ටිය රැස්වෙලා ඊළඟ මහ ඡන්දයට යන හැටි ගැන කතා කළාලු...
එතෙන්දි හුඟ දෙනෙක් සන්ධානයක් හැටියට ඡන්දෙට යමු කියලා කිව්ව... ඒ බොහොම දෙනෙක් ටැලිෆෝන් පාටිය එක්ක කතා කරලත් බලමු කියලා යෝජනා කළාලු...
නමුත් පාටියෙ ලොකු පුටුවක ඉන්න දකුණු පළාතෙන් ආපු මන්ත්රී සයිස් මහත්තයෙක් සන්ධාන කතාව වෙනුවට අලියගෙන්ම සටන ගෙනියන්න තදබල යෝජනාවක් ගෙනාවා... ඒත් ඒකට බොහොම දෙනෙක් විරුද්ධ වෙලා. ඒ හින්ද මුලින්ම ටැලිෆෝන් කස්ටිය එක්ක කතා කරන්න තීන්දු කළා... ඒ සඳහා රත්නපුරෙන් පත්වුණු නෝනා කෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන්නත් තීන්දු කළා.