2024 ජුනි 29 වන සෙනසුරාදා

වගකිවයුත්තා

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 928

ජාතිකවාදී දේශපාලන කඳවුරේ ප්‍රබල චරිතයක් වන දැනට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට හිමි නමකට සමාව ඉල්ලන්න ජාතිකවාදී කඳවුරේ තවත් ඉහළ පෙළේ හිමිවරුන් පිරිසක් රටේ මහ කන්තෝරුවට ගියාලු.

මේ ගමන සිද්ධ වුණේ දැනට ටික දවසකට කලින්. එහෙම ගිහිල්ල එතැන ඉන්න ලොකුම මහත්තයෙක් හම්බවෙලා තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ ඉල්ලීම පිළිගත් මහ කන්තෝරුවෙ ලොකු මහත්තය ආ ඒක මම අහවල් ඇමැතිතුමාට කියන්නම්... එයා ඒ වැඩේ කරාවි කියල ප්‍රතිඥාවක් දුන්නලු. ඒත් මාස දෙක තුනක් ගියත් මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ වුණේ නැහැ.. අන්තිමේදි මේ ඉල්ලීම කරපු අයම ඒකට හේතුව හොයල බැලුවම වැඩේ නවතින්න බලපෑ හේතුව සහ ඒකට අදාළ පුද්ගලයො කවුද? කියල අනාවරණය වුණාලු. 

දැන් මේගොල්ලො හදන්නෙ ඊළඟට එන ඡන්දෙදි ඡන්ද වේදිකාවට නැගල මේක කළ උන්නැහේලගෙ නම් ගම් කියල හොඳ සෙල්ලමක් දාන්නය කියල තතු දත් අය කියනව... ලබන මාසෙ දිහාට වැඩේ පත්තු කරන්නලු යන්නෙ.

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00