2017 ජුනි 17 වන සෙනසුරාදා

ලේකම් එපාවෙන්න හේතුව

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

තමන්ගෙ කන්තෝරුවට අලුතින් ලේකම් කෙනෙක් පත්කොරද්දි තමන්ගෙන් කල්තියා ඒ ගැන ඇහුවෙ නැති එක ගැන මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු කටකාර ඇමැති මහත්තයකුට කේන්ති ගිහිල්ලලු.

උන්නැහේ තමන්ගෙ විරෝධය කෙළින්ම ඉහළටම දැනුම් දුන්නා කියලත් ආරංචියි...

ඔය මනුස්සය මට නම් එපා මම එයාව කොහොමවත් භාරගන්නෙ නැහැ.. උදහස්වුණ ඇමැති තැන ලොකු තැනට කිව්වලු... ඒ පාර මොහොතකින් අලුතෙන් පත් වූ ලේකම් තැනට නියෝගයක් ලැබුණලු හිටපු තැනම ඉන්න. අලුත් තැනට යන්න එපා කියලා...

ඒ පාර උන්නැහේ නැවතුණාලු. දැන් ඇමැතිට හරියන ලේකම් කෙනෙක් සොයමින් ඉන්නව කියල ආරංචියි. මේ ආරංචිය ගියාට පස්සෙ අහන අහන ලේකම්වරු අනේ අපිට නම් ඔතන එපා කියන්නත් පටන් අරන්ලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00