2024 මාර්තු 23 වන සෙනසුරාදා

ලකුණ දාගැනීම

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 578

ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින් ඡන්දෙට සූදානම් වෙන්න දේශපාලන කැබිනට්ටුවක් පත් කළා.. ඒත් ඒකට කැබිනට්ටුවෙ ඉන්න හැම ඇමැති කෙනකුටම අවස්ථාව ලැබුණෙ නැහැ...

ඉතින් ඔය පත්වීම් සමහර ඇමැතිවරු ඒ හැටි ගණන් නොගත්තත් දේශපාලන කැබිනට්ටුවට පත් නොවුණු එක්තරා ආර්ථිකය ගැන කතා කරන ඇමැති කෙනෙක්ගෙ හිත රිදිලලු තිබුණෙ..

ඒ දුක උන්නැහේ තැන් තැන්වල කියලත් තිබුණා. කොහොම හරි මේ බව දැනගත්ත රටේ ලොකු තැනට සමීප එක්තරා නිලධාරියෙක් මෙතුමත් දේශපාලන කැබිනට්ටුවට දාන්න කියල ලොකු මහත්තයගෙන් ඉල්ලුව...

ඒ අනුව වැඩේ කෙරුණ. ඔය කතාව දැනගත්ත ආණ්ඩු පක්ෂයෙම මහනුවර පළාතෙ කටකාර මන්ත්‍රී සයිස් මහත්තයෙක් (එයත් ඔය දේශපාලන කැබිනට්ටුවෙ ඉන්නවා) 'ටක්' ගාලා අර ඇමැතිතුමාට කෝල් එකක් ගත්ත. අරගෙන මෙන්න මෙහෙම කිව්වලු.

''අයිය ඔයා දේශපාලන කැබිනට් එකට නොදැමීම ලොකු වරදක්. ඔන්න මම ඒකට ෆයිට් කරල කිව්ව අහවලා දාන්නෙ නැත්නම් අපටත් මේකෙ ඉන්න බැහැ කියල. ඒ පාර ලොකු මහත්තය ඔයත් දේශපාලන කැබිනට් එකට දාන්න අද නියම කළා.''

එහෙම කියල උන්නැහේ අනුන් කරපු වැඩකට ලකුණ දාගත්ත. ඒක දිහා බලන් හිටපු මේ වැඩේ කරපු නිලධාරිය කට වහගෙන හිනා වුණා.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00