2024 මාර්තු 23 වන සෙනසුරාදා

අලුත් පිටපතක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 615

ලංකාවට ගොඩ බැස්ස පොහොට්ටු ලොක්කා තිරයෙන් පිටුපස ඉඳලා මෙහෙයවන්න යන මහ මැතිවරණ මෙහෙයුම ඉවර කරන්න කියලා ආණ්ඩුවේ කැබිනට් ලොක්කෝ කිහිප දෙනකුයි, අලි පාටියේ ලොක්කෝ කිහිප දෙනකුයි රටේ ලොකු තැන හම්බවෙලා ඉල්ලන්න යනවලු. ඒ වෙනුවෙන් අලුත් සැලසුමකුත් හදාගෙනලු යන්න හදන්නේ. 

ඒ තමයි ජනාධිපතිවරණයක් ඕනෑ, ඒකට දැන් ඉන්න රටේ ලොක්කා ඉල්ලන්න ඕනෑ කියල මාධ්‍ය හමුවක් තියලා පොහොට්ටුවේ ලොක්කෝ සෙට් එකක් කියන්නලු යන්නේ. ඒ අස්සේ තව කට්ටියක් පක්ෂයෙන් ඉවත්වෙලා ස්වාධීන වෙනවා කියනවලු. ඒ අස්සේ අලි පාටියෙ අය ලොක්කා මෙන්න මේ ලකුණෙන් එනවා කියලා කියනවලු. මෙහෙමයිලු චිත්‍රපටය හදලා තියෙන්නේ. වැඩේ රඟ දක්වන්න යන්නේ අවුරැදු මාසේ අන්තිමලු. ඒත් ඉතින් ලොකු තැන කැමැති වෙයිද දන්නේ නෑලු.