2024 මාර්තු 16 වන සෙනසුරාදා

බලවතෙක්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 529

බස්නාහිර පළාතේ එක දිසාවක් බාරව ඉන්න දිසාවකට අධිපති කෙනෙක් ගැන ටිකක් අමුතු අමුතු කතා ටිකක් ඇහෙන්න පටන් අරන්ලු. තනතුරේ උෂ්ණය හිතට සහ ඇඟට අරන් ඉන්න එයා එක්ක ගොඩක් ප්‍රාදේශීය ලියන මහත්වරු තරහා වෙලා මාරුවීම් අරගෙනත් යන්න පටන් අරන්ලු.

දිසාව භාර එක්කෙනාගේ කාර්යාලයට මාධ්‍ය ඒකකයක් දෙනවලු. ඒත් මෙයා කිව්වලු මෙයාගේ වැඩ මෙයාට කරගන්න පුළුවන්... මාධ්‍ය ලියන මහත්වරු ඕන නෑ කියලා. ඒ අනුව මාධ්‍ය ලියන මහත්තයලා දෙතුන් දෙනෙක් පත්වීම් අරගෙන ආවට ආපු සැණින් හැරිලා යන්න වුණාලු. මොකද හිටියොත් රණ්ඩුලු... නැත්තන් ප්‍රශ්නලු. කොහොම වුණත් මෙයා ගැන එක එක පැමිණිලි ආවත් මෙයාට විරුද්ධව කිසි දෙයක් වෙන්නේ නෑලු. ඒ මෙයාට තියෙන බලය නිසා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00