2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

දිනන අය!

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 526

අත පාටියෙ ඉහළම තනතුරක් දරන කෙනෙක් පසුගිය දවසක දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙක් එක්ක තරමක රහසිගත සාකච්ඡාවක් තිබ්බ... ඒකෙදි මේ දෙන්න කතා වුණේ ඉදිරි මැතිවරණ ගැනලු...

ඔය කතාබහ යන අතරෙ අත පාටියෙ ප්‍රබලයගෙන් අනෙක් දේශපාලන ලොක්ක අපූරු ප්‍රශ්නයක් ඇහුවලු. ඉදිරි මහ මැතිවරණය තිබුණට තමුන්නාන්සෙලගෙ පක්ෂයෙන් මන්ත්‍රීවරු කී දෙනෙක් තේරේවිද...

මේ ප්‍රශ්නය ඇහුව ගමන් අත පාටියෙ ලොක්ක එකපාරටම තමන්ගෙ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො තුන් දෙනෙක්ගෙ නම් කිව්වලු. 

දිනන බව ෂුවර්ම අයගෙන් එක්කෙනෙක් තමයි මම... මම මගේ දිස්ත්‍රික්කෙන් තේරෙන එක අනිවාර්යයි... ඊළඟට අනිත් දෙන්නත් මට ෂුවර්. එයින් එක්කෙනෙක් එන්නෙ රුහුණෙන්.. අනිත් එක්කෙනා එන්නෙ ඌවෙන්...

එතකොට ඉතුරු අයට මොකද වෙන්නෙ... කියල ආයෙමත් ප්‍රශ්නයක් මතු වුණාලු... දිනන්න... වාසනාව තියෙන අය දිනාවි. නැති අය හැලේවි...

අත පාටියෙ ජ්‍යෙෂ්ඨය තමන් සමඟ කතා කළ මිතුරට කිව්ව...