2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පට්ටම කාටද?

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 615

හෙට අනිද්දා පුරප්පාඩු වෙන්න යනවය කියන කැබිනට් ඇමැතිකම ගන්න තිරය පිටුපස පොරයක් ඇතිවෙලා කියල ආරංචියක් යනව...

මෙහෙම පුරප්පාඩු වෙන්න යනවය කියල කියන්නෙ දැන් බන්ධනාගාරගත වෙලා ඉන්න ඇමැති තැනගෙ තනතුරලු... 

ජ්‍යෙෂ්ඨයො වගේම තමන් ජ්‍යෙෂ්ඨයොය කියල හිතන් ඉන්න කිහිප දෙනකුත් ඇමැති ධූරය පතන්නන්ගෙ ලැයිස්තුවෙ ඉන්න බව කියැවෙනව. කොහොම නමුත් මේ ඇමැතිකම අයිති පොහොට්ටුවෙ කෙනකුට ඒක නොලැබෙන්න පුළුවන්ලු.. බොහෝ විට ඒ තනතුර ලැබෙන්නෙ සුළු ජාතික පක්ෂයක නායකයකුට වෙන්න පුළුවන් කියල ඇතැම් අය කියනව.

එයා නැගෙනහිර පළාතෙ නියෝජනේ කරන උන්නැහේ කෙනෙක්ලු. ඒ පළාතෙන් මෙයට කලිනුත් පරිසර ඇමැති කෙනෙක් පත්වුණු නිසා මේකට නැගෙනහිර නායකයෙක් දැමීම හොඳයි කියල ආණ්ඩුව හිතන බවයි පේන්නෙ...

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00