2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

එකට එක කිරීම

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 526

දුරකථන පාටියේ මේ දවස්වල තියෙන ලොකුම අවුල තමයිලු හිටපු හමුදා ලොක්කන්ගේ ආගමනය. ඉතින් හිටපු හමුදා මාර්ෂල්තුමාගෙ අකැමැත්ත නිසා වැඩේ ඇදිලා ගිහින්ලු තියෙන්නේ. කොහොම වුණත් දැන් දැන් ඔය පක්ෂයේ ඉන්න ලොකුම තනතුර දරන හමුදා ලොක්කගේ සද්දේ අඩු කරන්න කියලා මන්ත්‍රී කණ්ඩායම කියනව. ඒ එක්කම තවත් වැඩක් කරන්න යනවලු. එයා එක්ක හමුදාවේ හිටිය ඒත් පස්සේ කාලේ තරහා වෙච්ච ගොඩක් අයව පක්ෂයට අරගෙන තනතුරු දෙන්නලු ප්ලෑන් කරන්නේ. හේතුව මෙයා පක්ෂයට බඳවගන්න මිනිස්සුන්ට විරුද්ධව එක එක වැඩ කරන නිසාලු.

කොහොම වුණත් දැන් ලොකුම කතාව ඉක්මනින් මෙයාව පක්ෂයේ ලොකු තැන්වලින් අයින් කරන්න කියලා. එහෙම කරලා මෙයාගේ කට වැහුවේ නැත්නම් ඡන්දයක් කරගන්න වෙන්නේ නෑ කිව්වලු. කොහොම වුණත් කට වහන්න අද හෙටම හමුදාවේ හිටිය කට්ටියක් පක්ෂයට එන්නලු යන්නේ.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00