2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

දෙවැනි පිම්ම

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 652

රටේ ලොකු මහත්තයට හිතැති අයගෙන් සමන්විත අලුත් සන්ධානය පසුගියදා ජා-ඇලින් වැඩ ඇල්ලුව.

ඒ ගොල්ලන්ගෙ දෙවැනි පිම්ම කොළඹ හයිඩ් පිටියේදී පනින්නයි යන්නෙ... ඒකට එදා ජා-ඇල රැස්වීමට නොපැමිණි දියවන්නා කවුන්සිලේ නියෝජනේ කරන තවත් මැති ඇමැතිල හත් අට දෙනෙක් නගින්න යනවය කියල තිරය පිටුපස ආරංචියක් යනව. මේ රැස්වීම පෙබරවාරි මාසෙ දෙවැනි සතියේ නිදහසින් පසුව තියන්නයි සංවිධායක මණ්ඩලේ අදහස් කරන්නෙ. එදාට ලංසා පිලේ වේදිකාවට ගොඩවෙන්න යනවය කියල තියෙන මන්ත්‍රීවරු අතරෙ නිදහස වෙනුවෙන් ඇති කරපු ජාතික සභාවක් නියෝජනය කරන මන්ත්‍රීගොල්ලගෙන් දෙතුන් දෙනෙකුත් ඉන්න බවයි ආරංචි...

ඊටත් වඩා වැදගත් කතාවක් තිබෙනව. කොළඹ හයිඩ් පිටියෙ ලංසා පිලේ දෙවැනි පිම්ම සංවිධානය කරන්නෙ හිටපු නායක ගෝඨාතුමාගෙ පෞද්ගලික ලේකම්ව හිටපු උන්නැහේය කියන ආරංචියයි ඒ. මේබව දැනගත්ත පොහොට්ටුව පක්ෂයේ තරුණ නායකයෙක් ගෝඨාතුමා හමුවෙලා තදින්ම ඉල්ලා හිටියෙ මේ පෞද්ගලික ලේකම් තැන දොට්ට දාන්න කියලලු.

ඒත් උන්නැහේ තවම එහෙම තීන්දුවක් අරන් නැති බවයි ආරංචි.