2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ගමන ඉවරයි

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 626

මේ ළඟදි දේශපාලනයට ආයුබෝවන් කියලා ගෙදර ගිය බදුල්ල පැත්තෙ විජයග්‍රාහී හාදයෙක් ආයේ ඒ පක්ෂයෙන්ම දේශපාලනය කරන්න ඉල්ලීමක් කරලලු තියෙන්නේ. මේක ගැන එයා දන්න දන්න කිහිප දෙනෙක් හරහා පක්ෂයේ ලොකු තැනට ඉල්ලීම් පිට ඉල්ලීම් යැව්වලු. ඒත් ලොක්කා තවම අවසරයක් දීල නැතිලු.

ඒකට හේතුව පක්ෂයේ ලොකු ලොකු ඈයෝ කිව්වලු මෙයා මේ කරපු දේ පක්ෂයට හොඳ නැති නිසා, එයා ඉන්නෙත් කලකිරීමෙන් නම් ආයේ දේශපාලනය කරන්නේ ඇයි කියලා. ඒ නිසා එයාට ඉඩ දෙන්නේ නම් නෑම කියල ඒගොල්ලො. ඒ හුටපටේ හින්ද මෙයාගෙ ගමනට ලොකු පොල්ලක් වැටිල කියල ටැලිෆෝන් කන්තෝරුව පැත්තෙන් ආපු කතාවක කියැවුණා. කොහොම නමුත් මේ කතාබහ ගැන පක්ෂයේ ලොක්කත් දැන් නිශ්ශබ්දයිලු.