2024 ජනවාරි 20 වන සෙනසුරාදා

සින්දුවේ අවුල

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 655

රටට හරි පාර පෙන්නන්න මාලිමා කට්ටියගේ රැස්වීමක් මහනුවර පළාතෙ තිබුණා. ඒකට ගොඩක් අය ආවා. කතාව අතරතුර ජනප්‍රිය නළුවෙක් සිංදුවක් කිව්වලු කට්ටිය පිනවන්න.

එයා කිව්ව සිංදුව 70 දශකයේ ජනප්‍රිය නළුවෙක් වගේම 80 දශකයේ ජනප්‍රිය දේශපාලනඥයෙක් වෙලා අකාලයේ වෙඩි කාලා මැරුණු කෙනෙක්ගෙලු. මේ මරණය සිදුකිරීම ගැන ඒ කාලෙ චෝදනාව ආවේ ඔය කියන දේශපාලන කණ්ඩායමට නිසා වේදිකාවේ හිටිය කට්ටියත් පොඩ්ඩක් ගැස්සුණාලු.

කොහොම වුණත් ඒ නළුවා හොඳටම සිංදුව කිව්වා. කට්ටියත් විනෝද වුණා. හැබැයි දැන් වැඩේ යන්නේ වෙනම විදිහට සමාජ මාධ්‍යවල.