2024 ජනවාරි 06 වන සෙනසුරාදා

තැනක් නැතිලු

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 614

අලි පාටියෙ ලොකුම පට්ටමක් අපේක්ෂාවෙන් හිටපු කොළඹ මහ අලියකුට පක්ෂයෙන් නිසි තැන ලැබෙන්නෙ නැහැ කියල ලොකු කලකිරීමකලු ඉන්නෙ...

හිරු වගේ බැබලෙන ලෝකෙ හොඳම ඇමැතිකමක් කළා කියන මේ මහ අලියට රටේ මහ තැනගෙ ඡන්ද ව්‍යාපාරෙ සුදුසු තැනක් දීල නැහැ කියලා. පක්ෂයෙ මේ සේරම තනතුරු එක්කෙනකුටම දීමත් මෙයාට ලොකු ප්‍රශ්නයක්ලු... ඒ හින්දා ඉදිරි ජනාධිපතිවරණ සටනෙදි තමන් ලොකු ලොක්කන්ට ඕන කුදයක් ගහගන්න කියලා පැත්තකට වෙලා ඉන්න තීන්දු කළා කියල එයා තමන්ගෙ සමීපතම යාළුවන්ටත් කියල ාසද්දෙ වහල ඉන්නලු යන්නෙ... 

මෙයාගෙ මේ විරෝධයට අලි පාටියෙ ඉහළ තනතුරු දරන තවත් දෙතුන් දෙනෙක් සහාය දක්වමින් ඉන්න බවත් ආරංචියි.