2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

දකු‍ණෙ ගීතවත් හඬ මහ ගෙදරට

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 822

පහුගිය කාලේ පොහොට්ටුව ගැන කලකිරීමෙන් හිටපු දකුණු පළාත් නිළි මන්ත්‍රිනියක් ආයේ පොහොට්ටුව එක්ක එකතුවෙලා වැඩ කරන්න තීරණය කළාලු. එයාට ලොකු ලොකු අසාධාරණ වෙච්ච වෙලාවේ පක්ෂය දාලා යන්න ඔන්න මෙන්න හිටිය මෙයා ආයේ පක්ෂය වෙත එන්න තීරණය කළේ රටේ ලොකු තැනගෙන්වත් සහනයක් නැති වුණු නිසා කියල ආරංචියි.

කොහොම වුණත් පොහොට්ටුවේ ලොකු තැන කතා කරලා විහිළු තහළු කිරීමෙන් මෙයා වෙඬරු පිඬක් වගේ දියවෙලා ගිහින් නැවත පොහොට්ටුව එක්ක එකට හිටගන්න තීන්දු කළාලු. මෙයාට දුන්න අලුත්ම තැන තමයි කලාවේ කට්ටිය එක්ක කලාකරුවෝ එකතු කර ගන්න වැඩේ. ඉතින් එයා පළවෙනි වැඩේම පහුගිය දවසක කළා කියලයි ආරංචිය.