2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

මට දුකයි - තරහයි

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 622

විපක්ෂයට සම්බන්ධ මොණරාගල පැත්තෙ මන්ත්‍රී සයිස් මහත්තයෙක් පසුගිය දවසක මැතිසබා ලොබියෙදි පොහොට්ටු මන්ත්‍රී සගයන් පිරිසක් එක්ක කතාබහක යෙදිල හිටිය....

''මචං පසුගියදාක උඹට රටේ ලොක්ක එක්ක ඇමෙරිකා යන්න කතා කළා කියල අපට ආරංචියක් ලැබුණ...''

පොහොට්ටුවෙ රත්නපුර පැත්තෙ මන්ත්‍රී කෙනෙක් ඇහුව...

''අනේ ඔව් මචං යන්න නම් කතා කළා....''
''ඉතින් උඹ ගියේ නැහැ නේද..''

පොහොට්ටු මිත්‍රය ආයෙම ප්‍රශ්න කළා.

''කොහේ යන්නද අපේ මිනිස්සු එක්ක...''

මොණරාගල යාළුව උත්තර බැන්ද.

''අපරාදෙ මරු චාන්ස් එකනේ උඹ මිස් කරගත්තෙ...''
''ඔව් බං. මටත් තවම දුකයි, තරහයි. අපිට ලැබෙන චාන්ස් එකත් ගන්න දෙන්නෙත් නැහැ. පක්ෂයෙන් අපිව ඔය වගේ ගමනක් යවන්නෙත් නැහැ...''
''මොකද මචං පක්ෂයෙ ලොක්කො එහෙම කරන්නේ...''

ආයෙම රත්නපුර පොහොට්ටු සගය ඇහුව.

''බය... බය... බං... අපේ හාදය හෙවනැල්ලටත් බයයි බං. අපි ලොක්ක එක්ක ගියොත් එයාට සැට් වෙයි කියල මෙයා බයයි. එහාට යනව නම් මට මෙහේදි වුණත් යන්න පුළුවන්නේ... මේව මහ සවුත්තු වැඩ මචං....''
කියල මොණරාගල මන්ත්‍රී සගය කියනකොටම එතෙන්ට තවත් විපක්ෂ කස්ටියක් ආව. කතාව නැවතුණා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00