අයවැයත් එක්ක උණුසුම් වන දේශපාලන කරළියේ අහන්නට ලැබෙන කතා විවිධයි විචිත්‍රයි... අමාත්‍යංශ ගණනාවක් ගැන පොහොට්ටුවෙ සෑහෙන පිරිසක් ඔරොප්පුවෙන් ඉන්න බවත් ඒ නිසා ඒවගෙ ඡන්දයෙදි පොහොට්ටු කස්ටිය ඡන්දය මග අරින්න හදනවය කියල පසුගිය දවස්වල කතාවක් ගියා...
මේ සටන දියත් කරන්නෙ ගිය ආණ්ඩුවල ඇමැතිකම් කරල මේ ආණ්ඩුවෙන් තනතුරු නොලැබුණු බලවත් අය කිහිප දෙනෙක්ලු.
ඔය අල්ල පනල්ලෙ ආයෙමත් ඒගොල්ලන්ට අලුත් පොරොන්දුවක් ලැබිල කියල ආරංචියක් ආව. ඒ පොහොට්ටුවෙ ප්‍රබලයො පස්දෙනකුට අයවැයෙන් පස්සෙ ඇමැති වාසනාව උදා කරනවය කියන පොරොන්දුවයි...
ඔය කියන පස්දෙනාගෙන් දෙන්නෙක් නම් ඒ පොරොන්දුව පිළිඅරන්ලු... අනික් තුන්දෙනා වැට උඩ කියලයි කියන්නෙ... කොහොම නමුත් මේ කස්ටියගෙ හිතේ තියෙන තරහ සහ කහට ඉවත්වෙලා නැහැ කියල තතු දත් අය කියනව.