2017 ජුනි 10 වන සෙනසුරාදා

එයා කව්ද මෙයා?

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 484

හිටපු ලොකු තැන පහුගියදාක දවස් ගණනක සංචාරෙකට ජපානෙ ගියා... උන්නැහේට එහෙන් ලොකු පිළිගැනීමකුත් ලැබුණා. ඒත් කතාව ඒක නෙවෙයි. ආණ්ඩුවෙ උප ඇමැති සයිස් මහත්තයෙකුත් දවස් ගණනක් මහින්ද මහත්තයලා එක්ක ජපානෙ කරක් ගැසීමලු.

හිටපු ලොකු තැනගෙ ආණ්ඩු කාලෙත් පුත්තලම් දිසාවෙන් කවුන්සිලේට පත්වෙලා හිටපු මුන්නැහේ අත පාටියෙ පොරක්ලු... පසුගිය කාලෙත් උන්නැහේ ඔන්න ඒකාබද්දෙට ගියා මෙන්න ඒකාබද්දෙට ගියා කියල නොයෙක් කතා පැතිරුණා. ඒත් නඩුහබ ප්‍රශ්නයක් නිසා ගමන නැවතුණාලු...

නමුත් මේ පාර උන්නැහේ හිටපු ලොකු තැන එක්ක ජපානෙ කොරන්නෙ මොනවද කියන එක කාටත් ලොකු ප්‍රශ්නයක් කියල ආරංචියි. තමන්ගෙ දේශපාලන ජීවිතේට අරුණ උදාකරගන්න උන්නැහේ මහන්සි වෙනව කියල සමහරු කියනව.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00