2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

වැඩේ වෙන පාටක් නැතිලු

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 534

කොළඹින් ඡන්දය ඉල්ලපු යකඩ මනුස්සයෙක් රටේ ලොකු තැන වෙන්න ලොකූ කැම්පේන් එකක් පටන් ගත්තා. කොහොම හරි ඒ කැම්පේන් එකේ ප්‍රතිඵලය අනුව එයා මේ දවස්වල ජනපති අපේක්ෂකයෙක් හැටියට එළියට එන්නලු හිටියේ. කොහොම වුණත් වැඩේ හරියට සැට් වුණේ නෑලු. ඒකට හේතුව හොයලා බලනකොටලු දැනගත්තේ එයා කකුල පොඩ්ඩඩක් පස්සට ගත්තා කියලා.

මොකද ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්න නිසා එයා කල්පනා කළාලු මේ වෙලාවේ එළි බැහැලා ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් එක්ක සටන් කරන්න වෙයි කියලා. ඉතින් ඒ නිසා මෙයා අඩියක් පස්සට අරන් දැන් හිතනවලු මම මොකද කරන්නේ කියලා. වැඩේ නම් වෙන පාටක් නෑලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00