ගොඩක් පාඩු ලබන උඩින් යන වාහන පාලනය කරන ආයතනයක් මේ වෙද්දි විකුණන්නලු ප්ලෑන් එක. මැතිසබේ පවා කතාවෙලා මේක දෙන්නම ඕන කියලා තීන්දු කරලලු තියෙන්නේ. එහෙම වුණොත් ගොඩක් අයට රස්සා එහෙමත් අවුල් වෙයි කියලා ප්‍රශ්නයක් තියෙනවා.
කොහොම වුණත් ඒ ආයතනයට අනුබද්ධ තවත් ආයතනයක් තියෙනවා කෑම එහෙම උයන පිහන. ඒකනම් ගජරාමෙට ලාබ ලබනවලු. හැමෝම කියන්නේ ඒක විකුණන්න එපා කියලා. කොහොම හරි දැන් දැන් වැඩේ දෙන්න යන ආයතනයේ ලොකු ලොකු තනතුරු දරන දේශපාලන හිතවත්කම් ඇති ඇත්තෝ අර උයන පිහන එකේ එක එක තනතුරුවලට දානවලු. දවසින් දවස ඒකට අලුත් අය එනවලු. ආරංචි හැටියට ඒ ආයතන බාර ඇමැතිතුමයි, සභාපති උන්නාන්සෙගෙයි වැඩක්ලු. දැන් මේකට සේවකයෝ විරුද්ධලු. මොකද මේකටත් පුරවලා ඒකත් පාඩු ලබලා විකුණන්න වෙයි කියලා. ඉතින් මේකට දැන් ඉක්මනින් කට්ටිය පාරට බහින්නලු යන්නේ. මොකද දේශපාලන හිතවත්කම්වලට ඒකත් කාලා දාන්න එපා කියල.