ලංකාවෙ ජනප්රියම ක්රීඩාව ගැන දියවන්නා කවුන්සිලේ විවාදය තිබුණ දවසෙ රාත්රී දැන් තිබෙන පාලක මණ්ඩලේ විසුරුවල අලුත් පාලක මණ්ඩලයක් පත්කරන්න ප්ලෑන් එකක් තිබුණලු.
ඒ මණ්ඩලේට පත් වෙන්න නියමිතව තිබුණය කියන පස්දෙනාම මීට කලින් ඔතන හිටපු අය කියලත් ආරංචි වුණා.
ලංකාවෙ ක්රිකට් පාලනේ කරපු පවුල් තුනකට අයත් හතර දෙනෙක් එතන හිටියලු. එකම පවුලෙන් අයියයි මල්ලියි දෙන්නෙක්ම නම්කරල තිබුණ බවත් ආරංචියි...
කොහොම නමුත් දියවන්නා කවුන්සිලේ ක්රිකට් විවාදය යද්දි මේ අතුරු කමිටු කතාවත් එහෙන් මෙහෙන් ලීක්වෙලා කතාව ප්රචාරය වුණා...
ඒ ගමන මේ ආසියානු කුසලාන අස්සේ අතුරුකමිටු දාන්න ගිහිල්ල හත්පොළේ ගාගන්න එපා කියල ආණ්ඩුවෙම මැති ඇමැති ගොල්ලන්ගෙන් ක්රීඩා භාර ලොක්කට අනතුරු ඇඟවීම් නිකුත් වුණා. ඊට පස්සෙ බොහොම හිතේ අමාරුවෙන් අතුරු කමිටු කතාව උන්නැහේම ගිල ගත්ත කියලයි ආරංචි...
අතුරු කමිටුවට ඇවිල්ල වැඩදාන්න හිතන් ඉඳපු රණකාමී ක්රීඩා පවුලකට අයත් දෙන්නෙක්ම මේක නිසා හුඟක්ම අප්සෙට් ගහලලු දැන් ඉන්නෙ...