2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

අපේක්ෂකයා කවුද?

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 476

පොහොට්ටුවේ සමහරුන්ගෙ ජනපති අපේක්ෂක කතා ගැන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ටිකක් කලබල වෙලාලු. ඒකට හේතුව එයාලවත් නොදැන ජනපති අපේක්ෂකයෙක් ගැන තැන තැන වේදිකාවල කියාගෙන යන නිසාලු.

බදුල්ල පැත්තෙ කට තියෙන හාදයෙක් එක්තරා බේබි කෙනෙක් ජනපති අපේක්ෂකයා කියලා කිව්ව නිසා යන යන තැන මාධ්‍ය මයික් අල්ලලා අහනවලු එයාද ජනපති අපේක්ෂකයා කියලා. මේ නිසා ජ්‍යෙෂ්ඨයෝ ටික අසරණ වෙලාලු ඉන්නේ. ඉතින් එයාලටත් නොකියා කරන මේ දේ නිසාම එයාලත් නොකියා දෙයක් කරන්න ප්ලෑන් කළාලු. ඒ තමයි අරයද ජනාධිපති අපේක්ෂකයා කියලා ඇහුවම "එක එක අයගේ පුද්ගලික අදහස් තියෙනව.. තවම එහෙම කෙනෙක් පක්ෂයෙන් නම් කරලා නෑ" කියන්නලු මේ අය සූදානම් වෙන්නේ. මොකද මේ අය දැනටමත් ආණ්ඩුවේ ඉන්න නිසාලු මේ වැඩේ කරන්නේ. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00