2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

අලින්ගෙයි අපෙයි වැඩ

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 537

දුරකථන පාටියේ කට්ටියක් අලිපාටිය එක්ක දීග කවන්න යන වැඩේ ලොකූවට තිරේ පිටිපස්සේ වෙනකොට මේකට බාල්දිය පෙරලන්න කට්ටියක් ලොකු වැඩක් කරනවලු. ඒ අය කියන්නේ අලියා එක්ක දීග කෑවොත් එයාලා එළියට යනවා කියලා. මේක පක්ෂයේ ලොකු උන්නැහෙටත් කිව්වලු.

කොහොම වුණත් ඊට කලින් පක්ෂයෙන් එළියට යවන්න කෙනෙක්ව තෝරගෙනලු ඉන්නේ. මොකද එයා ඇතුළේ ඒවා ආණ්ඩුවට කියනවා කියලා. කාන්තාවක් වෙච්ච මෙයා මධ්‍යම පළාතේ කෙනෙක්. ඉතිං මෙයා හැමවෙලේම මෑතක ඉඳලා ආණ්ඩුව ගැන ගුණ ගයන නිසා. මෙයාට විරුද්ධව විනය පියවර ගන්න කියලා ලොකූ කට්ටිය කියනවලු. මෙයා කරන්නේ ආණ්ඩුවේ ලොකු එක්කෙනාගේ වැඩක් කියලත් ඒ අය කියනවලු. කොහොම වුණත් දුරකථන පාටියේ ලොක්කත් මේ වෙද්දී ගිරේට අහුවෙලා වගේලු ඉන්නේ. ඇතුළේ ජ්‍යෙෂ්ඨයො නම් කියන්නේ අලියා එක්ක එකතු වෙන්න එපා කියලා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00