2017 ජුනි 03 වන සෙනසුරාදා

පට්ටමට තට්ටු කළ “යාළුවා”

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 480

රටේ සමහරු බලාපොරොත්තුවෙන් හිටිය ඇමැති පට්ටමක් පහුගිය දවසක ගැලවුණා. ගොඩක් දෙනෙක් කිව්වේ එයාට එහෙම තනතුරක් දරන්න තරම් හයියක් නෑ කියලා. ඒ නිසා ඉවත් කළා කියලත් කතාව ගියා.

ගොඩක් දෙනෙක් එහෙම කිව්වට එයා නම් කියන්නේ මේක ගැලෙව්වේ එයාගෙම පක්ෂයෙ  කෙනෙක් කියලා. පක්ෂයෙ ලොක්කගේ දකුණු අතක් වෙච්ච ජාතික වරමින් ආපු කෙනෙක් තමයිලු එයාගේ පට්ටමට තට්ටු කළේ. මොකද ඇමැතිතුමා ඇමැතිකම මාරැකළේ කියලා කව්රුහරි අහපු ගමන් දෙහි කපනවලු පන්දම අතට අරගෙන අරයට. කොහොම හරි දැන් මේක ඉහළටත් ආරංචිවෙලාලු. ලොක්කා ආපු ගමන් ගෙනල්ලා අහන්නලු හදන්නේ බණින හේතුව.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00