2017 ජුනි 03 වන සෙනසුරාදා

ඇමැති තනතුරකට පූජා තබන හිටපු ඇමැති

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 315

කන්ද උඩරට ඡන්ද පෙන්නලා රටේ ලොක්කන්ට තොණ්ඩු දාන මෑන් කෙනෙක්ලු මෙයා. පරපුරේ පිහිටෙන් දේශපාලනයට ඇවිත් කාලයක් රජවෙලා හිටියට දැන් කිසිම තානාන්තරයක් නැතිලු.

මෙයාට ගිය ආණ්ඩුවෙන් ඇමැති ලන්සුවක් තිබ්බට මේ ආණ්ඩුවෙන් එහෙම ලන්සුවක් ලැබුණේ නෑලු. මේ නිසා මෙයා ඒක ගන්න නොකරපු දෙයකුත් නෑලු. මේ ළඟදි තිබ්බ මාරුවෙන්වත් වැඩක් කරගන්න කියලා හිතාගෙන අල්ලපු රටෙන් අයියර් පූජකවරු කට්ටියක් ගෙනල්ලා ලොකු පූජාවක් තිබ්බලු. මහා වියදමක් දරලා තිබ්බ මේ ඇමැති පූජාවෙන්වත් අන්තිමට ප්‍රතිඵලයක් ලැබුණේ නෑලු. ඒත් වැඩේ අත් ඇරියෙත් නෑලු.

දැන් මෙයා ළඟම රටක තානාපති උන්නැහේ කෙනෙක් පස්සෙන් වැටිලලු. උන්නැහේට කියනවලු රටේ ලොක්කට කියලා ඇමැතිකමක් ඉල්ලලා දෙන්න කියලා. මේ වදය නිසා තානාපති උන්නැහේටත් රට දාලා යන්න හිතිලලු තියෙන්නේ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00