2023 මැයි 14 වන ඉරිදා

දන්සල් විවෘතය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 735

කොළඹ කිට්ටුව නගරයක පසුගිය වෙසක් පෝයට ලොකු දන්සලක් සංවිධානය කරල තිබුණ. දන්සල විවෘත කරන්න තිබු‍ණෙ පෝයදා දවල් 12.00ට... ඒ සඳහා ආරාධනා ලැබුවෙ පළාතෙ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වන වීර-සේකර කෙනෙක්.
ඒ වගේම ඒ පළාත නියෝජනේ කරන ටැලිෆෝන් පාටියෙ ''මරික්ස්'' මන්ත්‍රී තැනටත් මේ උත්සවයට ආරාධනා ලැබුණේ පොදු ආගමික වැඩක් නිසයි...

ඔන්න එදා හරියට වෙලාවට විපක්ෂයෙන් එන්න කියපු ''මරික්ස්'' දන්සල් භූමියට ආවත් ආණ්ඩුවෙන් එන්න කියපු වීර-සේකර තුමා ආවෙ නැතිලු. කොහොම හරි සංවිධායකවරු පැය භාගයක් විතර බලන් හිටිය. ඒ වෙනකොට දන්සලේ පෝලිමත් සෑහෙන්න දික්වෙලයි තිබුණෙ... ඒ නිසා ජනතාවගෙ හා හූවක් නැගල යන්න පටන් ගත්ත.

අන්තිමේදී සංවිධායකයො ආණ්ඩුවෙ නියෝජිතය නැතුව විපක්ෂ 'මරික්ස්'ට දන්සල විවෘත කරන්න කිව්ව.

එයා දන්සල විවෘත කරල වැඩේ පටන් අරන් ටික වෙලාවක් යනකොට ආණ්ඩුවෙ නියෝජිතයත් එතැනට සම්ප්‍රාප්ත වුණා... ඒත් ඒ වෙනකොට විපක්ෂයෙන් දන්සල විවෘත කරල... ආණ්ඩුවෙ නියෝජිතයගෙ මුහුණ අප්සෙට් වුණා...
ඒ වෙලාවෙ එතැනට ආපු 'මරික්ස්' ඔයා පමාවුණ නිසා අපි වැඩේ කළා කියල යන්න ගියාලු.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00