පොහොට්ටුවේ කට්ටියට මේ ළඟදී පක්ෂයේ ලොක්කෙක් විසින් පණිවිඩයක් එවලා තිබුණලු. ඒ පණිවිඩේ තිබුණෙ විශේෂයෙන් ආණ්ඩුවේ ඇතුළේ තනතුරු භාර අරන් ඉන්න අයටලු. ඒ තමයි ආණ්ඩුවේ ප්‍රකාශවලට වගකීම් ගන්න කලින් පක්ෂයේ ස්ථාවරය අහන්න කියලා. එහෙම නොකරන අයට ලොකු ලොකු අකරතැබ්බවලට මුහුණ පාන්න වෙයි කියලා කිව්වලු.
ඒකට හේතුව ඒ ලොකු තැනට පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ කස්ටියක් කිව්ව දෙයක් කියලයි ආරංචි. තරුණ අය ගොඩක් අමාත්‍යවරු හැටියට ඉන්න නිසා ආණ්ඩුවේ දේවල්වලට පැනලා උත්තර දීලා වැඩ කළාට ඒ නිසා සමහරුන්ට ගමේ පස් පාගන්නවත් බැරිවෙලා තියෙන්නේ කියල මේ ජ්‍යෙෂ්ඨයො ලොකු තැනට කියල. ඒ නිසා මීට පස්සේ දෙයක් කියන්න කලින් හිතලා බලලා විතරක් නෙමේ පක්ෂයේ ඉහළින් අහන්නත් කියල මේ නියෝගය දුන්නලු. ඒකට තවත් හේතුවක් තමයි ඡන්ද කොමිසම ගැන සොයන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න කියන යෝජනාවට පක්ෂය නොදැන පිරිසක් අත්සන් කිරීම කියලත් ආරංචියි.